By unusuma.lk on
(LK time)යම් අසතුටුදායක සිදුවීම් කිහිපයක් හේතුවෙන් තමන් තාවකාලිකව දේශපාලනයෙන් ඉවත්ව සිටි බවත් තමා යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දේශපාලනයට අවතීර්ණ වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ සදහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ගැන සිතා තමන් යළි දේශපාලනයට අවතීර්ණ වීමට තීරණය කළ බවත් පසුගිය මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවී මාස තුනක පමණ කාලයක් තිස්සේ පක්ෂ කාර්යාලය වසා තැබූ බවද ලොහාන් රත්වත්තේ සදහන් කරයි.
පක්ෂය විසින් තීන්දුවක් අරන් වගකීමක් භාර දුන්නොත් එය භාර ගන්නා බවත් තමන් මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය භාරගැනීමට සූදානමි බවත් එළඹෙන මැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදවන බවද ලොහාන් රත්වත්තේ සදහන් කරයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මේ බව සදහන් කරයි.