වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම සෞඛ්‍ය ආරකෂාව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
ලක්ෂ එකහමාරක සෞඛ්‍ය බලඇණියක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන බවත් ඔවුන්ගේ සේවාව මෙරටට අත්‍යවශ්‍ය බවත් එම පිරිස විශාල කාර්යභාරයක් උසුලමින් කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
රෝහලේ වාට්ටුවට, බාහිර රෝගී අංශයට, සායනයට, විවිධ දුෂ්කරතාවයන් සමග පැමිණෙන රෝගියා වෙනුවෙන් ඉහළම සත්කාරය ලබාදීම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වගකීමක් හා යුතුකමක් බවද අමාත්‍යවරයා සදහන් කරයි.
එහෙත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවා නම් රජය ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට රජය බැඳීසිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.
ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත් සෞඛ්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාකර විසදාගත නොහැකි ගැටලු, ප්‍රශ්න කිසිවක් නොමැති බවත් රජය ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් කැපවීමට සූදානම් බවද අමාත්‍යවරයා සදහන් කරයි.
අවශ්‍ය ඕනෑම ගැටලුවක්, ප්‍රශ්නයක් වර්තමාන රජය සමග සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව ඇති බවත් එම සාකච්ඡාවලට රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට ගෙන විසඳුම් ලබා දීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවද අමාත්‍යවරයා සදහන් කරයි.
මෙරට සෑම පුරවැසියෙකුටම උසස් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අත්පත් කර දීමට රජය විසින් වියදම් කරනු ලබන්නේ ජනතාව විසින්ම ගෙවන බදු මුදල් බවත් රජයේ අපේක්ෂාව මෙරට ජනයාගෙන් භාණ්ඩාගාරයට එකතු කරන සෑම බදු රුපියලකටම අවශ්‍ය කරන ඉහළම වටිනාකම ලබාදීම බවද අමාත්‍යවරයා සදහන් කරයි.
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද වකුගඩු දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.