පොලීසියට වෙට්ටු දමා වෙලේ සුදාගේ මල්ලි සැගවෙයි.!

පොලිස් කොස්තාපල්වරයෙකු තියුණු ආයුධකින් තුවාල කර පලාගොස් මේ වනවිට සැගවී සිටින වෙලේ සුද‍ාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ දෙහිවල පොලිසියේ පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදුකරයි.

ලද තොරතුරකට අනුව බඩෝවිට පොලිස් මුරපොළේ රාජකාරී කරමින් සිටි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරුවකු පරීක්ෂා කර ඇති අතර පසුව සැකකරු පලායාමට උත්සාහ කර ඇත.

අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී කොස්තාපල්වරයකු සමග පොර බැදීමක් සිදුව ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් කොස්තාපල්වරයකුගේ උදරය සහ අත කැපීමට ලක්ව ඇත.

තුවාල ලැබූ කොස්තාපල්වරයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර පලාගොස් සැගවී සිටින සැකකරු සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් විමර්ශන සිදුකරයි.

Loading

We are happy to invite you.