දේශබන්දු හැර අත්අඩංගුවට ගැනීම් තහනම් කරමින් නියෝගයක්.!

2023 වසරේ වැලිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනෙක් අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 06දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අනුව නීතිපතිවරයා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී ඇති කර ගත් එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වෙන තෙක් එලෙස ඔවුන් අත්අඩංගුවට නොගැනීමට තීරණය කර තිබෙයි.

කෙසේවෙතත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06ක් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x