By unusuma.lk on
(LK time)දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා තවදුරටත් සැඟවී සිටීම සම්බන්ධයෙන් අද (16) හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් මාධ්‍යවේදීන් අදහස් විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ ඊට හේතුව සමස්ථ පද්ධතියේම ඇති දුර්වලතාවය මෙන්ම හිටපු පොලිස්පතිවරයාගේ දක්ෂතාවයද බවයි.
රටක් දියුණු වෙනවානම් කිසිවෙකුට අපරාධ කර සැඟව සිටීමට නොහැකි බවත් එම ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම රජයේ වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට උද්ගතව පවතින පාතාල ක්‍රියාකාකම් මැඩ පවත්වා රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආණ්ඩුවට සහයෝගය ලබාදීමට කැමතිද යන වග එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් වැඩිදුරටත් විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ දේශපාලන වගකීමක් ලෙස නොව පුරවැසි වගකීමක් ලෙස නිසි යාන්ත්‍රණයක් ඔස්සේ වගකීම පැවරේනම් නම් එය ප්‍රතික්ශේප කිරීමට තමාට හැකියාවක් නොමැති බවත් එම කටයුත්ත සිදුකරදීමට තමා සූදානම් බවත් ය.