By unusuma.lk on
(LK time)1985 වසරේදී “චාර්ල්ස් ඒන්ජල්ස්” චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණය වූ “සුර දූතියෝ” චිත්‍රපටයේ රංගනයෙන් දාකයක වූ මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
“සුර දූතියෝ” චිත්‍රපටය මෙරට සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වූ රොබින් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වූ අතර මෙය රූ ගත කිරීම් 1983 වසරේදී ආරම්භ කළද එවකට පැවති කළු ජූලිය හේතුවෙන් රූගත කිරීම් ප්‍රමාද කිරීමට ද සිදුවිය.
මිය යන විට සෙල්ලයා මහත්මිය 67 වැනි වියේ පසු වූවාය.
1978 වසරේදී Slave Of the Cannibal God ඉතාලි සිනමා පටය හරහා සිනමාවට පිවිසෙන ඇය පසුව “Rampage” (1978) / “Tarzan the Ape Man” (Hollywood) (1981), “තවලම” (1981), “බාඳුරා මල්” (1981), “රෑ මනමාලි” (1982), “හිතත් හොඳයි වැඩත් හොඳයි” (1983), වැනි සිංහල චිත්‍රපට රැසකට රංගනයෙන් ද දායක වූවාය.
එම සිනමා පටය සඳහා ඇයට අමතරව විශාකා සිරිවර්ධන සහ රෝසී සේනානායක ද රංගනයෙන් දායක වූවාය.
ඉතිහාසයේ පළමු වතාවට කැමරාවක් ඉදිරියේ නිරුවත් වූ පළමු ශ්‍රී ලාංකේය නිළිය ලෙසද ඇය එවකට සිංහල සිනමාවේ සම්ප්‍රදාය කඩා බිඳ දැමූ කාන්තාවකි.
“සුර දූතියෝ” චිත්‍රපටය තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වැනි ක්‍රියාවන් පිළිබඳ නිරූපනය වූ අතර එම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙමින් අකුෂ්ලා සෙල්ලයා මහත්මිය විශිෂ්ට රංගනයකද නිරත වූවාය.
එමෙනම් තමන්ගේම විලාසිතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඇය ජාත්‍යන්තර මට්ටමේ නිළියක සේම නිරූපිකාවද වූවාය.