By unusuma.lk on
(LK time)වසර දෙකක් තිස්සේ පුත්තලම සහ කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලවලට අනුයුක්ත වෛද්‍යවරුන් 32ක් දිවා විවේකය වූ විනාඩි 30ක කාලයටත් නීති විරෝධි ලෙසට අතිකාල දීමනා ලබාගෙන ඇතැයි වයඹ පළාත් සභාව සම්බන්ධයෙන් 2023 වසරට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ අනාවරණය කරයි.
පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට අනුයුක්ත වෛද්‍යවරු 11 දෙනකුට අතිකාල දීමනා ලෙස රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් සහ කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට අනුයුක්ත වෛද්‍යවරුන් 21 දෙනකුට රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් අතිකාල දීමනා වශයෙන් ගෙවා තිබුණු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ඒ අනුව පසුගිය 2022 වසරේ සහ 2023 වසරේ එම වෛද්‍යවරුන් දිනපතා දහවල් 12.30 කෑම විවේක කාලයට අතිකාල දීමනා ලබාගෙන ඇති අතර එම වෛද්‍යවරුන්ට වසර දෙකේදී රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවා ඇතැයිද විගණන වාර්තාවේ සදහන් වේ.