බන්දු පුතා හැංගුවදෝ.? ටිරාන් මෝඩයෙක් නෙවෙයි.!

නෙත් ප්‍රවෘති වෙත පිළිතුරු ලබාදෙමින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ අධිකරණය මඟහැර සිටිනා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නිවසේ සගවාගෙන සිටින බවට පැතිර යන පුවත අසත්‍ය බවයි.

මේ දිනවල සමාජ මාධ්‍යවල තම නම ඈදා ගනිමින් ඇතැමුන් විහිලු සපයමින් සිටින බව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා කියා සිටියි.

දේශබන්දු තෙන්නකෝන් මහතාව සිය නිවස තුළ සගවාගෙන සිටීමට තරම් තමන් මෝඩයෙකු නොවන බවද ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාන් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සැඟව සිටිනා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (17) ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළේය.

එමෙන්ම පෙන්සම්කරුට අධිකරණය මග හැර සඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳවත් විමර්ශනයක් සිදු කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

2
0
Would love your thoughts, please comment.x
()
x