දේශබන්දු නොසෑහෙන්න බීලා.!

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය – හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය – හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් නිවස අද (18) පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබේ.

එම පරීක්ෂාවේදී නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක් හමු වූ බව ආරංචි මාර්ග පවසයි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනාගැනීම සහ ලැයිස්තුගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x