දේශබන්දු සොයා CIDයම එළි බහී.!

අධිකරණය මගහරිමින් සති තුනක් තිස්සේ සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් 50 කට අධික පිරිසක් යොදවා ඇතැයි වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සෙවීම සඳහා නව පොලිස් කණ්ඩායම් 04 ක් ඊයේ සිට අනුයුක්ත කළ බවයි.

ඒ අනුව පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 10 ක් මේ වන විට ක්‍රියාත්මක වෙයි.

‘‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අභියාචනාධිකරණය මගින් පෙරේදා (17 වැනිදා) නියෝග කර ඇති පසුබිමක දේශබන්දු තෙන්නකෝන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින්, විමර්ශන නිලධාරි කණ්ඩායම් ද වැඩිකර තිබෙනවා’’ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

4
0
Would love your thoughts, please comment.x
()
x