සංජීව ඝාතනය නිලධාරීන්ගේ ආශිර්වාදය යටතේ සිදු වූවක්.!

කොළඹ අපරාධ කොට්ඨාසය මෙතෙක් සිදුකළ විමර්ශනවලින් හෙළිව ඇත්තේ ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීම බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ සහ එදින ආරක්ෂාවට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකගේ අනුදැනුම මත සිදුවී ඇති බවයි.

ගණේමුල්ල සංජීව අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ භාරකරු ලෙස කටයුතු කළ ප්‍රධාන බන්ධනාගාර නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇතර ගණේමුල්ල සංජීව අධිකරණය වෙත රැගෙන ආ දිනයේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 12 දෙනාගේ ජංගම දුරකථන තොරතුරු වාර්තා ඔස්සේ ඉදිරි විමර්ශන පවත්වන බව පොලිසිය පවසයි.

අදාළ නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ වත්කම් පරීක්ෂාවට ද පොලිසිය මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ දින අලුත්කඩේ අධිකරණයේ අංක 9 ශාලාව වෙත රැගෙන ගොස් පසුව ඔහු අංක 2 ශාලාව වෙත රැගෙන යෑමට නියමිතව සිට ඇත. එහෙත් බන්ධනාගාර නිලධාරීන් ඔහු අංක 05 ශාලාව වෙත රැගෙන ගොස් තිබිණ.

පාතාල කුලී ඝාතකයා සංජීව ඝාතනය කිරීමේ අරමුණෙන් අංක 05 ශාලාවේ සිට ඇති බව එම බන්ධනාගාර නිලධාරීන් කලින් දැනගෙන සිට ඇති බවත් ඔවුන් සැලසුම් සහගතව සංජීව එම ශාලාව වෙත රැගෙන ගොස් ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

3
0
Would love your thoughts, please comment.x
()
x