“අදින් පසු වෙඩි තැබීම් නොවිය යුතුයි” – ජනපති අනුර.!

බස්නාහිර සහ දකුණු පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (මාර්තු 18) පැවැති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිස්පති ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කැඳවා අවධාරණය කර ඇත්තේ තැන තැන වෙඩි තැබීම්, ඝාතන ඇතුළු සිද්ධීන් තම ප්‍රදේශයෙන් මින්පසු වාර්තා නොවිය යුතු බවයි.

නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවත් ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහිකළ නොහැකි බව ත් ජනාධිපතිවරයා ඔවුන් ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන් තම ප්‍රදේශය පිළිබඳව පෙරටත් වඩා විමසිලිමත්ව ආරක්ෂාව සැපයීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

එමෙන් ම, පොලිසියට අවශ්‍ය වාහන ඇතුළු පහසුකම් සැපයීමටත් පොලිස් සේවය විශේෂ සේවයක් ලෙස ස්ථාපනය කිරීමටත් තමා අවශ්‍ය පසුබිම සකසන බව ද ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දු දී තිබේ.

අපරාධ මර්දනයට නව නීති සම්පාදනයට අවධානය, සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන් ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කළ බව සඳහන්.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x