රියදුරුගේ තදියමෙන් කැලණියේ මහාචාර්‍යවරයෙකුට දිවි අහිමි වෙයි.!

මධ්‍යම අධිවේගීමාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් පෙර දින(18) රාත්‍රියේ සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරු ඇතුළුව එහි ගමන් ගත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා

අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වයස අවුරුදු 46ක් වූ ආචාර්ය එන්. ඩී. ගුනේන්ද්‍ර ගයන්ත නැමැති අයෙකු වන අතර ඔහු පවුලේ සාමාජිකයන් සමඟ යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වී, ආපසු පැමිණෙන අතරතුර මෙම අනතුරට මුහුනපා තිබුනා.

ආචාර්ය ගයන්ත මහතා කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල දෙකෙහිම සිසුන් අතර ඉතා ජනප්‍රිය හා ගෞරවයට පාත්‍ර වූ ආචාර්යවරයෙක් ලෙස ප්‍රකට වූ අතර, විශේෂයෙන්ම ඔහුගේ නිහතමානී ස්වභාවය, මානුෂීය ආකල්ප හා ශිෂ්‍යයන් සමඟ පැවැත්වූ මිත්‍රශීලී සම්බන්ධතාවය නිසා බොහෝ දෙනාගේ හදවත් තුළ සුවිශේෂී තැනක් දිනාගෙන ඇත. ආචාර්ය ගයන්ත මකොල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහු තිදරු පියෙකු වනවා.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x