Safe Air ගුවන් සමාගමට අයත් Safe Air Boeing 727-200F යානය සිය ගමන නිමවා දකුණු සුඩානයේ මලකල් ගුවන් තොටුපළේදී ගොඩබැස්වීමට යාමේදී එහි ටයරයක් පුපුරා ගොස් නියමුවාගේ පාලනයෙන් ගිලිහී අසල තිබු MD-82 යානාව ගැටී ඇත.
සිදුවු මෙම ගැටීමෙන් පසු Boeing 727 යානයේ කොටස් දෙකකට කැඩී ගිය අතර එහි සිටි සියලු දෙනාම සුළු තුවාල සහිතව යානයෙන් බැස ඇති බවත් යානයේ යට මැදිරිය කඩා වැටී කොටස් දෙකකට කැඩී ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අප්‍රිකානු එක්ස්ප්‍රස් එයාර්වේස් MD-82 යානය පසුගිය පෙබරවාරි මාසයේදී එම ගුවන් තොටුපලේදීම ධාවන පථයේ ගොඩබෑමෙන් පසුව යානයට හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.