By unusuma.lk on
(LK time)අද (21) උදෑසන බෙලිගමුව මහ කඩේ හන්දිය ආසන්නයේ සිදු වු යතුරුපැදි අනතුරකින් අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 21 කාන්තාවක් මියගොස් තිබේ.
අද උදෑසන 6.30ට පමණ ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරින් යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
මෙම අඹුසැමි යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තුවාල ලබා ප්‍රථිකාර ලබිමන් සිටින්නේ මොවුන් දෙදෙනාගේ අවුරුදු එකහාමාරක් වයසැති කුඩා පිරිමි දරුවා වෙයි.
මෘතශරීර ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.