පෘථිවියට හෙට (29) දිනයේ සිට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවත් මෙම ග්‍රහකයා පසුගිය අගෝස්තු (07) වැනිදා හදුනාගෙන ඇති බවත් එය 2024 PT5 ලෙස නම් කළ බවද තාරකා විද්‍යාඥයින් සදහන් කරයි.
මෙම 2024 PT5 ග්‍රහකයා හෙට (29) දිනයේ සිට එළඹෙන නොවැම්බර් (25) දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී තිබෙනු ඇති බවත් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යනු ඇති බවද තාරකා විද්‍යාඥයින් සදහන් කරයි.
මෙම ග්‍රහකයා දින 53ක් තිස්සේ පෘථිවියට දිස්වන අතර ග්‍රහකය මීටර් 10ක පළලකින් යුක්ත බවත් එය පෘථිවිය අසලින් ගමන් කරන විට පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවනු ඇති බවද තාරකා විද්‍යාඥයින් සදහන් කරයි.
එහෙත් මෙම කුඩා සඳ පියවි ඇසට නොපෙනෙන අතර දුරදක්න හෝ දුරේක්ෂ ප්‍රමාණවත් නොවන බැවින් එය බැලීම සඳහා professional telescopes අවශ්‍ය බව වාර්තා වේ.