By unusuma.lk on
(LK time)අද (07) දහවල් නුවර – කොළඹ ප්රධාන මාර්ගයේ නෙලුම්දෙණිය, යට්ටෝගොඩ ප්රදේශයේදී පාසල් ළමුන් පිරිසක් ප්රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඉන්ධන ප්රවාහනය කරනු ලබන ප්රයිම් මුවර් රථයක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුවිය.
අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පාසල් ළමුන් දෙදෙනකු හා ප්රයිම් මුවර් රථයේ රියැදුරා හා සහායකයා තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුලත් කෙරුනි.
අනතුරින් ප්රයිම් මුවර් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර බස් රථයේ පිටුපස කොටසටද බරපතල හානි හිදුව ඇත.
කෙසේවෙතත් අනතුරටපත් කිසිවෙකුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.