By unusuma.lk on
(LK time)කෘෂීකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ ගංවතුරෙන් සිදුවූ පූර්ණ වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගොවීන් වෙත ලබාදිමට බලාපොරොත්තු වන බවයි.
එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කර සිටියේ, මේ සදහා වූ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු වන බවත් ඒ පිළිබඳව ගොවීන් කිසිඳු සැක සංකාවක් තබා ගත යුතු නැති බවත් ය.
ඒ අනුව ගොවීන්ගේ වගාවන්ට සිදුවූ පූර්ණ හානි සදහා අදාළ තක්සේරු මුදලද, අර්ධ හානි සඳහා චක්‍රලේඛයේ සඳහන් 60% ක වන්දි මුදලද මූලික හානි සඳහා 40% ක වන්දි මුදලදක්ද හිමිවේ.
රුපියල් 40,000ක වන්දි මුදලක් ලබා දෙන්නේ වගා හානි සිදුවූ අක්කරයක කුඹුරු බිම් ප්‍රමාණයක් සදහා බවද වගා හානි තක්සේරු කිරීම් නිමවූ වහාම ඉදිරියේදී එම වන්දි මුදල් කඩිනමින් ගොවීන් වෙත ලබා දෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.