By unusuma.lk on
(LK time)පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන දැනුවත් කිරීමේ අංශයේ අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසන්නේ පසුගියදා බෙංගාල බොක්ක හරහා තමිල්නාඩුවට ඇදී ගිය සුළි කුණාටු තත්ත්වය මත සහ අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වන අවස්ථාවලදී ඒ දෙසට එකතු වන අපවිත්‍ර වාතය නිසා මතුවන වායු දූෂණය පසුගිය නොවැම්බර් මස සිට ශ්‍රී ලංකාවටද බලපා ඇති බවයි.
එම දූෂිත වායූන් කොළඹ, මීගමුව, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශවලට බලපා ඇති බව අජිත් ගුණවර්ධන මහතා පවසයි.
වායු දත්ත දර්ශකය අනුව එහි අගය 50-100ත් අතර වේ නම්, මධ්‍යස්ථ වන අතර, 100-200 අතර නම් සුළු අහිතකර තත්ත්වයක්ද, 200ට වඩා ඉහළ යෑම මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇතිවන තත්වයක් ලෙසද ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පරිසර අධිකාරිය, වායු දූෂණ දත්ත එක්රැස් කිරීම පැය 24 පුරාම ප්‍රාදේශීය මට්ටමින් සිදුකරන අතර පසුගිය අඟහරුවාදා යාපනය, කිලිනොච්චිය ප්‍රදේශවලින් වාර්තාවූ වායු දූෂණය 218ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත්, තමාද එහිදී එයට මැදිවීම නිසා සිරුරේ දැවිල්ල වැනි ආසාදන තත්ත්වයන්ට ලක්වූ බවයි ආචාර්ය ගුණවර්ධන මහතා පැවසීය.
අජිත් ගුණවර්ධන මහතා පවසන්නේ මෙම වායු දූෂණය පැතිරීම ලබන වසරේ මාර්තු දක්වා දිග්ගැසී යනු ඇති බවට පුරෝකථනය කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ළමා රෝග විශේෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසූවේ මෙම වායූන්ට නිරාවරණය වීමෙන් ළමා හතිය වැඩිවීම මෙන්ම විවිධ රෝගාබාධයන්ට ප්‍රතිකාර ලබන පුද්ගලයන්ද සෞඛ්‍ය ගැටළු වලට මුහුණ පා හැකි බවයි.