By unusuma.lk on
(LK time)මාධ්‍යවේදී කල්ප ගුණරත්න සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙවර ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා නෝන්ජල් නායකයෙකු බවත් එතුමා සමඟ පාර්ලිමේන්තුවට යාම තමන්ට හිරිකිත බැවින් නාම යෝජනා අත්සන් කළද තමා මෙවර පාර්ලිමේන්තු නොයනා බවයි.
වසර 20කට වැඩි කලක් තිස්සේ තමන් දැරූ ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කරමින් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පසුපස ගිය පුද්ගලයෙකු ගම්පහ සංවිධායක කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් එම ගැටළුව පිළිබඳ කතා කිරීම සඳහා පක්ෂ නායකයා සම්බන්ධ කර ගැනීමට දුරකථන ඇමතුම් 40ක් පමණ ලබා ගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වූ බවත් මාන්නප්පෙරුම මහතා සඳහන් කර තිබෙනවා.
තමා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන්නේ සජිත් සමඟ පාර්ලිමේන්තු යෑමට ඇති හිරිකිතය නිසා බවත් සජිත් යනු නෝන්ජල් නායකයෙකු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.