By unusuma.lk on
(LK time)අද (22) ජාතික ජන බලවේගයේ ගම්පහ ජන රැළියට සහභාගීවෙමින් ජනපතිවරයා පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සුභවාදී තොරතුරක් අනාවරණය කළේය.
පාස්කු ප්‍රහාරයට වසර 6ක් ගතව ඇතත් ඉන් වසර පහ හමාරක්ම ගතව ඇත්තේ ප්‍රහාරයේ සත්‍ය වසංකිරීමට බව ජනපතිවරයා සිහිපත් කළේය.
සැබැවින්ම විමර්ශන ආරම්භ වී මේ වනවිට ගතව ඇත්තේ මාස 6ක් පමණක් බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම මින් පෙර සිටම පාස්කු ප්‍රහාරයේ නිරාකරණට කරගත යුතු ස්ථාන 06ක් සම්බන්ධයෙන් තමා පැවසූ පරිදි අදාළ විමර්ශන සිදුවෙමින් පවතින අතර ඉන් ස්ථාන 2ක් මේ වනවිට නිරාකරණය කර ගැනීමට හැකිව තිබෙන බව ජනපතිවරයා පැවසීය.
එහිදී එම අනාවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපතිවරයා.