By unusuma.lk on
(LK time)ඊයේ (21) කුරුණෑගල පැවැති ජාතික ජන බලවේගයේ මැතිවරණ ජන රැළියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ පාස්කු ප්රහාරය පිළිබඳ කෙරෙන විමර්ශනවල සාර්ථක ප්රතිඵල මේ වනවිට ලැබෙමින් පවතින බවයි.
එම පරීක්ෂණවලට අදාල සමහර සාර්ථක ප්රතිඵල අත්පත් වෙමින් තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
“පාස්කු ප්රහාරයට අවුරුදු හයක් පිරෙනවා. මේ අවුරුදු හයෙන් අවුරුදු පහ හමාරක්ම ගෙවුනේ පාස්කු ප්රහාරයේ පරීක්ෂණ හොයන්න නෙවෙයි යටපත් කරන්න. කොච්චරද කියනවනම් ජනාධිපති විමර්ශන කොමිසමක් පිහිටෙව්වා. ඒකෙන් වාර්තාවක් ආවා. කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් තිබුණා. ඒ වාර්තාව ක්රියාවට නගන්නේ නෑ කියලා.
ඒ කියන්නේ මොකක්ද පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශන දියත් කරන ආණ්ඩු නෙමෙයි අවුරුදු පහ හමාරක් තිබ්බේ පාස්කු ප්රහාරය යටගැසීම සඳහා ආණ්ඩු. අවුරුදු පහමාරකින් ගොඩක් දේවල් යට ගහන්න පුළුවන් ගොඩක් දේවල් හංගන්න පුළුවන්.
දැන් මාස හයයි විමර්ශනය කරන ආණ්ඩුව ඇවිල්ලා. අපි විමර්ශනය කරනවා සමහර සාර්ථක ප්රතිඵල අත්පත් වෙමින් තිබෙන බව වාර්තා වෙනවා. අපි ඇඟිලි ගහන්නෑ. ඉතාම ස්වාධීන විමර්ශනයකට අපි ඉඩකඩ විවර කරලා දීලා තිබෙනවා.
එනිසාම වින්දිතයන්ට සාධාරණය ඉදිහත් ඉටුකිරීම සඳහා මැදිහත් වන ආණ්ඩුව තමයි අපේ ආණ්ඩුව.”