තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කළේය.
බුද්ධික මල්ලවාරච්චි නැමැති නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ අතර ඝාතනය වූ නීතිඥයා, කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතු වලට පෙනී සිටි නීතිඥවරයා බවට අනාවරණය වී ඇත.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර මෝටර් රථයට වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර ඇත.
ඒ අනුව නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇත.

