By unusuma.lk on
(LK time)තාවකාලිකව අත්හිටුවා තිබෙන අ.පො.ස උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳව එළඹෙන (29) වනදාට පසුව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා සදහන් කරයි.
එළඹෙන (29) වැනිදායින් පසුව රටේ කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍ය කරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත අ.පො.ස උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට සූදානමි බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සදහන් කරයි.
ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සදහන් කළේ,
“උසස් පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා (29) වැනිදායින් පසුව කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි.”
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සදහා අද (27) දින පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මේ බව සදහන් කරයි.