By unusuma.lk on
(LK time)ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ විගමණික ශ්‍රමිකයින්ට මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍යක් බවයි.
අදාළ වීඩියෝව මගින් පවසන පරිදි විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙසට නිවේදනයක් කාර්යාංශය මගින් කිසිඳු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, මෙම වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් කාර්යාංශය මගින් ක්‍රියාත්මක නොකරන බවත්, මෙය විගමණික ප්‍රජාව නොමග යැවීමේ චේතනාවෙන් සිදුකරන ප්‍රචාරයක් පමණක් බව කාර්යාංශය දන්වා සිටියි. මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන්ද කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. එසේම රජයේ නිල නිවේදන ප්‍රචාරය කිරීම සඳහා මෙවැනි සමාජ මාධ්‍ය වෙත බලය පවරා නොමැති අතර, ඉදිරියේදී මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම කාර්යාංශයේ නිල නිවේදන පිළිගත් ජනමාධ්‍ය, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය, Facebook, Youtube හා Tiktok මාධ්‍යයන් හරහා පමණක් සිදුකරන බව වැඩිදුරටත් දන්වා සිටී.