අරගලය පැවති දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි (11) වන දින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
පසුගිය අරගලය සමයේ 2022 මැයි මස (09) වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීම හේතුවෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ජීවිතක්ෂයට පත්වු අතර එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද ජීවිතක්ෂයට පත්විය.

