By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීමට සෘජු විදේශ ආයෝජන කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකිමින් බවත් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සපයනු ලබන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් එම රටවල සිටින සියළු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සදහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන්නේය.
ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සදහා තිබෙන අවස්ථා ප්‍රමාණය වැඩි කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ආයෝජකයන්ට නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම රාජතාන්ත්‍රික සේවාව හරහා සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
විදෙස් තානාපති සේවයට නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.