By unusuma.lk on
(LK time)රටේ පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීමට ගතහැකි පියවර සම්බන්ධයෙන් ප්‍රවාහන කටයුතු පිළිබඳව අමාත්‍යංශයීය අනුකාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් ස්ථාපිතකර ඇත.
බස්, ලොරි සහ ගිලන් රථ සඳහා යෝග්‍යතා සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව පළාත් සභාවල ලියාපදිංචි විවිධ ගරාජ මගින් නිකුත් කරන බව පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී අනාවරණය වී ඇත.
අනුකාරක සභාවේදී අනාවරණය වූ පරිදි ඉහත සඳහන් යෝග්‍ය සහතික නිකුත් කරන ගරාජවල ප්‍රමිතිය, විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බැවින් මෙම යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට අවධානය යොමුකර ඇත.
මගීන්ගේ ආරක්ෂාව ඇතුළු පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කිරීමට පවතින නෛතික රාමුව ශක්තිමත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව අවධානය යොමු කළ අතර නව බස් ගෙන්වීමේදී බස්වල මගී ආරක්ෂාව සඳහා අසුන් අතර නියමිත පරතරය, අනවශ්‍ය උපාංග ඉවත් කිරීම, ආසන පටි පැලඳීම ඇතුළු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.
ඒ අනුව මගී ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු පියවරයන්ට අදාළ යෝජනා සහිත වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යංශය මගින් සකස් කොට මාස දෙකක් තුළ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට ලබාදෙන ලෙස සභාපතිනිය නිලධාරීන්ට දැනුම් දෙයි.