By unusuma.lk on
(LK time)තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදුවන බව අමෙරිකාව පසුගියදා සඳහන් කළේය.
කෙසේ වෙතත් අමෙරිකාවට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, අමෙරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම මේ වනවිට අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත්ව ඇති බවයි.
එය කිසිදු ප්‍රායෝගික ආර්ථික තේරුමක් නොමැති බවත් අමෙරිකාව බලහත්කාර ලෙස චීනයට හිරිහැර කිරීම සඳහා තීරුබදු ප්‍රතිපත්තිය ආයුධයක් ලෙස භාවිත කරන බව මෙමගින් පිළිබිඹු වී ඇති බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
චීනයේ අයිතිවාසිකම්, අවශ්‍යතා සැලකිය යුතු ලෙස උල්ලංඝනය කිරීමට අමෙරිකාව අඛණ්ඩව සිදු කළහොත් චීනයද අවසානය දක්වා දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව චීන විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.