අමෙරිකාවේ නව සංක්රමණික නීති වලට අනුව රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇත.
බ්රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර ඇති අතර සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්රකාශයට පත් කර නොමැත.
ඒ අනුව ජනවාරි මස (21) වන දින සිට මෙම නව නීතිය ක්රියාත්මක වනු ඇති බව වාර්තා වේ.

