ලෝකයම බලාසිටින දිනය අදයි.!

අද (05) අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එය මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වේ.

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අද සිය අවසාන ප්‍රචාරණ කටයුතුවල නිරත වන අතර පෙන්සිල්වේනියා ප්‍රන්තයට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් ඇගේ අවධානය යොමු කර ඇත.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නෝත් කැරෝලීනා, පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්තවල සිය ප්‍රචාරණ කටයුතුවල නිරත වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධික වන අතර අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කළින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන් ඡන්ද දායකයින් මිලියන 78කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇත.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උපජනාධිපති කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස කරට කර තරග කරයි.

තවද චේස් ඔලිවර්, ජිල් ස්ටයින් සහ කොර්නල් වෙස්ට් තෙවැනි පාර්ශ්ව සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙවර ජනධිපතිවරණයට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.