අමෙරිකාව විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.
මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු බව එහි ප්‍රධාන කොන්දේසිය වේ.
මෙය දෙපාර්ශවයටම බලපාන “දෙපාර්ශවික සටන් විරාමයක්” (Double sided ceasefire) ලෙස හඳුන්වාදී ඇත.
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙලීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර ඇත.

