අමෙරිකානු ප්‍රහාරක F-15 යානයක් ඉරානය වෙඩි තබා බිම හෙළීමෙන් පසුව අතුරුදන්ව සිටි අමෙරිකානු ගුවන් නියමුවා මුදාගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මුදාගත් ගුවන් නියමුවා තුවාල ලබා ඇති නමුත් ඔහු ඉක්මනින් සුවය ලබනු ඇති බවත් ඔහු ඉරානයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක සිටි බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.
මෙම මෙහෙයුම සඳහා ගුවන් යානා කිහිපයක්ම සම්බන්ධ වී ඇති අතර අමෙරිකානු හමුදාව ගෙවුණු පැය 24 පුරාම අදාළ ගුවන් නියමුවාගේ පිහිටීම නිරීක්ෂණය කරමින් සිටි බවද සඳහන් කරයි.
ගුවන් නියමුවා මුදාගැනීමේදී දරුණු වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද වාර්තා වේ.

