අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.!

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය තහවුරු කර ඇත.

මේ වනවිට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා ඇති අතර, උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණයි.

ෆ්ලොරිඩාහි, රිපබ්ලිකන් පක්ෂ ප්‍රධාන මූලස්ථානයේ සිට සිය ආධාරකරුවන් අමතමින් ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ, 2024 අමෙරිකානු ජනාධිපතිවරණය තමන් ජයග්‍රහණය කළ බවයි.

2024 අමෙරිකානු ජනාධිපතිවරණ සටනේ ඉතාමත් තීරණාත්මක ප්‍රාන්ත අතරින් ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ පෙනිසල්වේනියා ප්‍රාන්තවල ජය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව ඇති බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.