By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවේ සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බවද ඇමෙරිකා තානාපතිනිය සදහන් කළාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙනයන වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීමේ වැඩපිළිවෙල සදහා මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටත් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවද සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ සුබ පැතුම් පණිවිඩය ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත පිළිගන්වනු ලැබුවේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) දින පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.