By unusuma.lk on
(LK time)අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ප්‍රබල තර්ජනයක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයා විසින් ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ එකඟතාවකට නොපැමිණියේ නම් බෝම්බ හෙළීම සහ ද්වීතීයික තීරු බදු පැනවීම සිදු කරන බව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනපද සහ ඉරාන නිලධාරීන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර ලබානොදුන් බව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ,
“ඔවුන් ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් බෝම්බ හෙළීමක් සිදුවනු ඇත. නමුත් ඔවුන් ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම්, මම වසර හතරකට පෙර කළාක් මෙන් ඔවුන්ට ද්විතීයික තීරු බදු පැනවීමට අවස්ථාවක් තිබේ.”