By unusuma.lk on
(LK time)ශ්රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චංග් සදහන් කළාය.
ආරුගම්බේ ප්රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පමණක් උපදෙස් ලබාදී ඇති බවද තානාපතිනී ජූලි චංග් සදහන් කළාය.
අමෙරිකානු තානාපතිනී ජූලි චංග් සදහන් කළේ,
“ශ්රී ලංකාවේ නායකත්වය සමග ඇති සබදතාව අපි අගය කරනවා. ඒ වගේම ලංකාවේ ආරක්ෂක බලධාරීන්ගේ ආරක්ෂාව සහ විනිවිද භාවයට ඇති කැපවීම අපි අගය කරනවා. ඒ වගේ මේ වනවිට සමාජයේ ඇති වැරදි තොරතුරු නිවැරදි කිරීමට මම කැමතියි.
ශ්රී ලංකාව මත කිසිදු සංචාරක තහනමක් නැහැ. පසුගිය සතියේ අපි ආරක්ෂණ නිවේදනයක් නිකුත් කළේ, අමෙරිකානු පුරවැසියන්ට නැවත දැනුම්දෙනතුරු ආරුගම්බය ප්රදේශය මගහරින්න කියලා.”