රජයෙන් විශේෂ දීමනාවක්.!

ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර ඇත.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත (27) දින එම මුදල් මුදාහැරි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5,000 බැගින් 2023 ජූලි මස සිට 2024.03.31 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම් ලාභීන්ට රුපියල් 2,500 බැගින් 2023 ජූලි මස 2023.12.31 දක්වාත් ගෙවීමට කටයුතු කර ඇත.

2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, 2024 ජූලි මාසයේ සිට 2024 දෙසැම්බර් මස දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවීමටත් තීරණය කර ඇත.

වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ හා අවධානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close