ඔක්තෝබර් මස (02) වන බදාදා වළයාකාර සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත අතර මෙරට වේලාවෙන් රාත්‍රී 9:13ට ආරම්භ වී පසුදා සවස 3:17ට අවසන් වේ.
එහෙත් මෙම සූර්යග්‍රහණය දැකබලාගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිමි නොවන අතර පැසිෆික් සාගරයේ දකුණු චිලී සහ දකුණු ආර්ජන්ටිනාව හරහා දැකගත හැකි බව සදහන් කරයි.
මෙම තාරකා විද්‍යාත්මක සංසිද්ධිය අතරතුර චන්ද්‍රයා සූර්යයාට වඩා කුඩා ලෙස දිස්වනු ඇති අතර අඳුරු වූ කේන්ද්‍රය වටා දීප්තිමත් හිරු එළියක් දිස්වනු ඇති බව නාසා ආයතනය සදහන් කරයි.
සූර්යග්‍රහණයක් සිදු වන්නේ චන්ද්‍රයා සූර්යයා සහ පෘථිවිය අතර ගමන් කරන විට වුවද මෙවර සිදුවන්නේ වළයාකාර සූර්යග්‍රහණයක් බැවින් සූර්යයාගේ මතුපිට සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකි වේ.