ආණ්ඩුවේ මොනිටර්ට එරෙහිව ජනපතිට පැමිණිල්ලක්.!

විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් විසින් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුට එරෙහිව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැමිණිලි කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

ඒ අදාල අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ඉල්ලීම් නොතකා කටයුතු කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.

අදාළ අමාත්‍යවරයා විසින් විපක්ෂය සම්බන්ධයෙන් අයුක්තිසහගත ලෙස කටයුතු කරන්නේ පන්තියේ “මොනිටර්”‍ වරයා තමන් බව සිතාගෙන යැයි ද මෙම පැමිණිල්ල සිදුකළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීන් පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික හමුව අවසානයේ සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ මූලිකත්වයෙන් ජනපතිවරයා වෙත මෙම පැමිණිල්ල සිදුකර ඇති බව පැවසෙයි.

ඒ සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා, ශානක්‍යන් රාසමාණික්කම් ඇතුළු පිරිසක්ද එක්ව සිටි බව සඳහන්.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments