By unusuma.lk on
(LK time)අද (8) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක බිමල් රත්නායක මහතා පවසා සිටියේ ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් වියට්නාමය වෙත ආරාධනා ලද ජනපති අනුර කුමාර දිසානායක මහතාට මැයි මස 6 වනදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැවත මෙරටට පැමිණීමට පුද්ගලික ජෙට් යානයක් ලබාදුන්නේ වියට්නාම් රජය විසින් බවයි.
එම සාකච්ඡාවල මුල් අදියරේදී වියට්නාම තානාපතිවරිය සමඟ සාකච්ඡා කළේ තමා බවත් එහිදී ජනපතිවරයාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණිය යුතු බවට තමා කළ දැනුම්දීම අනුව එම පහසුකම් සැලසීමට එරට රජය එකඟවූ බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම වියට්නාමයෙන් ජනපති අනුර දිසානායක මහතා වෙත ලැබුනු රාජතාන්ත්‍රික පිළිගැනීම සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියාසිටියේ වියට්නාම ජනපතිවරයා එම දින කිහිපය පුරාවටම ජනපති අනුර දිසානායක සමඟ රැඳී සිටිමින් ඉතා මිත්‍රශීලීව කටයුතු කළ බවයි.