By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) දින ගල්කිරියාගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවකට අදාළ වීඩියෝවක් සම්බන්ධයෙන් සාවද්‍ය වාර්තාකරණයක් පළවී තිබීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ විඩියෝව මඟින් ජනාධිපතිවරයා එහි පදිංචිව සිටි කාලයේ ඔවුන්ට ගණිතය විෂයය ඉගැන්වූ ආකාරය පිළිබඳව ගම්මානයේ විවිධ පිරිස් ජනපති සමඟ එය ස්මරණය කරමින් සාකච්ඡාවක යෙදෙන ආකාරය දක්නට ලැබේ.
මෙම වීඩියෝව “Hiru News” ෆේස් බුක් පිටුව ඔස්සේ “බඩු වල ගණන්වලට තමයි මතක් වෙන්නේ” යන ශීර්ෂය යටතේ, ජනතාව නොමඟ යවන ආකාරයෙන් සාවද්‍ය ලෙස වාර්තා කිරීමක් සිදු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
මෙම වාර්තා කරණය පිළිබඳව දැඩි කණගාටුවක් පළකරන බවත් වහාම එම පුවත නිවැරදි කරන ලෙසට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් දන්වා ඇත.
වගකීම් සහගත මාධ්‍ය ආචාරධර්මයකට අනුකූලව ක්‍රියා කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටී.