By unusuma.lk on
(LK time)අනුර කුමාර දිසානායක මහතා සහ නරේන්ද්‍ර මෝදි සහභාගි වන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබේ.
තමාගේ ඉන්දීය සංචාරය දෙරට අතර සහයෝගය වර්ධනය කිරීම සඳහා උපකාරි වනු ඇති බව එම මාධ්‍ය හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර මහතා සඳහන් කළේය.
එහිදී ජනාධිපතිවරයා විශේෂ ඉල්ලීමක් කරමින් පවසා සිටියේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා තමා ආරාධනා කරනා බවයි.
මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බවත් එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව මහත් සහයෝගයක් ලබා දුන් බවත් මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය.
ඉන්දියාවේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේදී ලඟා කර ගෙන ඇති අති විශාල සාර්ථකත්වය ශ්‍රී ලංකාවද අත්පත් කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දෙන බවට තමාට පොරොන්දු වූ අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එමෙන්ම දෙරට අතර ගැටළුවක් බවට පත්ව ඇති ධීවර ප්‍රශ්නයට කල් පවත්නා සහ තිරසාර විඳුමක් සෙවීමට අවශ්‍ය බවත් එම ධීවර කලාපයන් තුළ ධිවරයන් නීති විරෝධි ක්‍රම භාවිත කරන බැවින් එම තත්ත්වයන් හේතුවෙන් ධීවර කර්මාන්තය විනාශයට පත්වන බවත් එය අවසන් කිරීමට පියවර ගන්නා ලෙස තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදාගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බවයි.