බොරුවට කෑ ගහන අය දැනගන්න.. මඩ ගසා මාලිමාව වට්ටන්න බෑ.!

මාලිමාව වෙත එන මහා ජන ගඟ අවලාද වලින් නතර කිරීමට නොහැකි බැවින් “බාධක දැක පෙරමුණේ මොන නදිය ද නැවතුනේ” යන කියමන සිහිපත් කරගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

අපේ රට නව පුනරුද යුගයක් සඳහා පිම්මක් පැනිය යුතු බැවින් ගල් මුල් හෝ මඩ ගසා මාලිමාව වට්ටා දැමීමට නොහැකි බවත් එය සතුරන්ට අවධාරණය කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

එළඹෙන ජනාධිපතිවරණය හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමක් පමණක් නොව එම නව පිම්ම වෙනුවෙන් සියලුදෙනා එකට එක්වන අවස්ථාවක් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනතුරු සහන ලබාදෙන බවත් එම ජනතාව දෙපයින් නැඟී සිටිය හැකි නිෂ්පාදන ආර්ථික තත්ත්වයක් මෙරට ඇති කරන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජාතික ජන බලවේග පක්ෂයේ කළුතර දිස්ත්‍රික්ක රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close