By unusuma.lk on
(LK time)මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් 34 දෙනෙකු තවමත් සිය ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බවයි.
එම අපේක්ෂකයින් 38 දෙනාගෙන් මැතිවරණ කොමිෂන් සභාව නියම කර ඇති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කර ඇත්තේ අපේක්ෂකයින් හතර දෙනෙක් පමණක් බවද කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
සිය වියදම් වාර්තා මේ වනවිට ඉදිරිපත් කර ඇත්තේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කළ අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය නියෝජනය කර තරග කළ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක පේමසිරි මානගේ සහ කේ. ආනන්ද කුලතිලක පමණක් බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
මැතිවරණ වියදම් වාර්තා ලබානොදුන් ජනාධිපති ධූරය හොබවන ජාතික ජන බලවේගය, සිලින්ඩරයෙන් තරග වැදුන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ ඇතුළු ප්‍රධානම අපේක්ෂක කණ්ඩායම වේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් සියලුම දෙනා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියට අනුව ඔක්තෝබර් (13) වැනිදාට පෙර සිය මූල්‍ය හෙළිදරව් කිරීම් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම නියෝග කර ඇත.
කෙසේ වෙතත් ඔක්තෝබර් (13) පෙර ප්‍රචාරක වියදම් වාර්තා ලබා නුදුන් සියලුම දෙනාට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවද මැතිවරණය කොමිෂන් සභාව අවධාරණය කරයි.