
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 115 දෙනෙකු විසින් බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට අත්සන් තබා ඇති අතර, එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාර දී ඇත.
මේ වනවිට වැඩතහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට මාර්තු 19 වන දින මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.
මේ අතර දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව රජය අද ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සදහා සමගි ජන බලවේගය ද පක්ෂ බව විපක්ෂනායකවරයා සඳහන් කළේය.
අද (25) පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා පැවසුවේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කරනු ලැබුවේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවයි.
එහිදි සිය පක්ෂය ඊට විරුද්ධ වූ බව පැවසූ විපක්ෂ නායකවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සඳහා පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා මෙන්ම කථානායකවරයාද වගකිව යුතු බව පැවසීය.
Damith
මේ විධියට Headline දාන්න එපා උඹලා…
U LG Piyathilaka
State of bandits – Ranil + Yapa fuck with Law and order 💔👺🤮💀👹👽🤪.