Out of the box

කුරුණෑගල නගර සභාවේ නි. නගරාධිපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කුරුණෑගල නගර සභාවේ නි. නගරාධිපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය  පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වේ.

එම ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර ඊට අයත් රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට යාමේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ ඔහු බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට සහාය ලබාදීමෙන් පසුව නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වී ඇත.

අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිවරයා හෙට (09) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලක්ෂ ගණනක බඩුත් සමග ඩුබායි සුද්දාගේ 7ක් අත්අඩංගුවට

ලක්ෂ ගණනක බඩුත් සමග ඩුබායි සුද්දාගේ 7ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි සුද්දාගේ” මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන බෙදුම්කරුවෙක් ඇතුළු සැකකරුවන් 7ක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය පැකට් කරන තිප්පොළක් වැටලූ අවස්ථාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එහිදී රුපියල් ලක්‍ෂ 15කට අධික හෙරොයින් ග්‍රෑම් 50ක් හා අයිස් ග්‍රෑම් 25ක්, එම මත්ද්‍රව‍ය පැකට් කිරීමට උපයෝගී කරගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොල, ජංගම දුරකථන 4ක්, මෝටර් රථයක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා අනෙකුත් උපකරණ පොලීසිය සිය භාරයට ගෙන ඇත.

ඇප මත සිටින කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නියෝග

ඇප මත සිටින කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නියෝග

මේ වනවිට ඇප මත මුදාහැර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයක් නිකුත් කර ඇත.

කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ අල්මාරි ඇතුළු සියල්ල චෙක් කරයි.. පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

මන්ත්‍රීවරුන්ගේ අල්මාරි ඇතුළු සියල්ල චෙක් කරයි.. පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

වියට්නාම ජනාධිපති ටෝ ලාම් හෙට (08) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති බැවින් මෙම රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂක විධිවිධාන රැසක් ක්‍රියාත්මක කරන බව කථානායකවරයා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ඇතුළු සමස්ත ගොඩනැගිලි සංකීර්ණයම විශේෂ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කරනු ලබන අතර හෙට උදෑසන වනවිට හඳුනාගත් අධි ආරක්ෂිත කලාපයන් නැවත පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව කතානායකවරයා සඳහන් කරයි.

ඒ අනුව විශේෂ ආරක්ෂක සැලැස්ම යටතේ අද දින සිටම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දැඩි පරීක්ෂාවට ලක් කරන බව කතානායකවරයා සඳහන් කරයි.

ආරක්ෂක හේතූන් මත හෙට දින පාර්ලිමේන්තුවට පැමිණීමේදී හැකි තාක් දුරට පෞද්ගලික රියදුරෙකු සමඟ පැමිණෙන ලෙසත් අමුත්තන් කැටුව පැමිණීමෙන් වළකින ලෙසත් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් කතානායකවරයා ඉල්ලා ඇත.

තමන් විසින්ම රථය පදවාගෙන එන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ සේවාවක් ක්‍රියාත්මක වන බවත් වාහනය පිවිසුම් දොරටුව අසලදී පාර්ලිමේන්තු රියදුරු සේවයට භාරදිය හැකි බවත් ඔවුන් එම වාහන නියමිත රථගාල්වල ගාල් කළ යුතු බවද කතානායකවරයා සඳහන් කරයි.

හෙට දින පාර්ලිමේන්තු මහජන ගැලරිය සාමාන්‍ය ජනතාව සඳහා විවෘත නොවන අතර එය විශේෂ ආරාධිත අමුත්තන් සඳහා පමණක් වෙන් කර ඇති බවත් යම් මන්ත්‍රීවරයෙකු සමඟ ආරාධිත අමුත්තෙකු පැමිණෙන්නේ නම්, ජයන්තිපුර පිවිසුමේදී සිය ආරාධනා පත්‍රය සහ අනන්‍යතාවය තහවුරු කළ යුතු බවද කතානායකවරයා සඳහන් කරයි.

ජනතාව වෙනුවෙන් සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කරයි

ජනතාව වෙනුවෙන් සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කරයි

මෙරට අධිවේගී මාර්ග සඳහා සහ දුර ගමන් සේවා සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇත.

ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. ධම්මික රත්න සඳහන් කරයි.

දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණ බවද වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. ධම්මික රත්න සඳහන් කරයි.

එම බස් රථ වලින් 170ක් පමණ ආනයනය කරනු ලබන්නේ අධිවේගී මාර්ගවල සේවා සඳහා යෙදවීමට බවත් සෙසු බස් රථ කොළඹ සිට අනෙකුත් දුර ගමනාන්ත සඳහා යොදවනු ඇති බව සඳහන් කරයි.

කුරුණෑගල මාලිමා මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

කුරුණෑගල මාලිමා මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාළ අස්වීමේ ලිපිය මන්ත්‍රීවරයා විසින් ඊයේ (06) දිනයේ තමා වෙත භාරදුන් බව කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු සඳහන් කරයි.

කුරුණෑගල මහ නගර සභාව සඳහා අංක එක ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගනිමින් මෙම මන්ත්‍රීවරයා කුරුණෑගල මහ නගර සභාව සඳහා තේරී පත්ව තිබුණි.

පොලිස් ලොක්කෝ පිරිසකට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ පිරිසකට ස්ථාන මාරු

පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර ඇත.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8ක් හා පොලිස් අධිකාරීවරයෙකුද මාරුවීම් ලැබූ නිලධාරීන් අතර වන බව පොලීසිය සඳහන් කරයි.

කපිල චන්ද්‍රසේනට ඇප තියන්න ආ නාදුනන දෙදෙනා අත්අඩංගුවට

කපිල චන්ද්‍රසේනට ඇප තියන්න ආ නාදුනන දෙදෙනා අත්අඩංගුවට

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇප තැබීම සඳහා පැමිණි මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සැකසහිත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලය කළ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මගින් (05) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අනතුරුව අදාළ සැකකරුවන් එළැඹෙන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන සැකකරුවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ සිටි කපිල චන්ද්‍රසේනව නාඳුනන බවත් රුපියල් 15000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී ඇති බවත් ඔවුන්ට නිශ්චිත රැකියාවක් නොමැති බව කෙසෙල්වත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

සටන් විරාම අස්සේ ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර

සටන් විරාම අස්සේ ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර

හිස්බුල්ලා සංවිධානය විසින් දකුණු ලෙබනනයේ රැඳී සිටින තම සොල්දාදුවන් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.

එම ප්‍රහාර එල්ල වූ ස්ථානය හඳුනාගෙන ඒවාට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවද ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඇපල් සමාගමේ ලොකු පුටු සෙලවෙයි

ඇපල් සමාගමේ ලොකු පුටු සෙලවෙයි

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් එම තනතුරෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් (01) වැනිදා සිට ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෝන් ටර්නස් වැඩ භාර ගනු ඇති බව එම සමාගම සඳහන් කරයි.

මේ අතර CEO ධූරයෙන් ඉවත්වන ටිම් කුක් ඇපල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාපති ධුරයට පත්වන බවද එම සමාගම සඳහන් කරයි.