
ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසන්නේ සාක්ෂිකරුවකු සාධාරණ හේතුවක් නොමැතිව හඳුනාගැනීමේ පෙරට්ටුවක් දිගින් දිගට ම මඟහැරියහොත් අධිකරණයට අදාළ පෙරට්ටුව විසුරුවිය හැකි බවයි.
හඳුනා ගැනීමේ පෙරට්ටුවකට අදාළ සාක්ෂිකරු රෝහල්ගත වී සිටීම, සාක්ෂිකරුට තර්ජනයක් තිබීම වැනි අවස්ථා කිහිපයකදී පෙරට්ටුවට සහභාගි නොවීමට හැකියාව පවතින නමුත් චේතනාන්විතව එය මඟහැරිය නොහැකි බව ඔහු අවධාරණය කළේ ය.
පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය 24 වනදා පැවැත්වීමට තිබූ එම පෙරෙට්ටුවට සහභාගී නොවීම හේතුවෙනි.
මේ වනවිට වෛද්‍යවරිය විසින් අදාළ පෙරට්ටුව අවස්ථා දෙකකදී මංගහැර තිබේ.
U LG Piyathilaka
She has revenge her family members.