Why is this happening

ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ ජීවිතයෙන් සමුගනී

ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ ජීවිතයෙන් සමුගනී

මොනරාගල දිස්ත්‍රික්ක, මඩුල්ල කොට්ඨාසයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක, දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ සිය ජීවන ගමනෙන් සමුගෙන ඇත.

මියයන විට හැට 62 හැවිරිදි වියේ පසුවූ දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

ආරවුල දුර දිග ගොස් සැමියා බිරිඳ ගිනි තබා මරලා.!

ආරවුල දුර දිග ගොස් සැමියා බිරිඳ ගිනි තබා මරලා.!

ඊයේ (13) දිනයේ පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වූ සිද්ධියකින් සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක්වූ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක්ය බව පොලීසිය පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදි අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බේරුවල පාසල් දෙකක සිසුන් ගුටි ඇන ගනිති.. 7ක් රෝහලේ.!

බේරුවල පාසල් දෙකක සිසුන් ගුටි ඇන ගනිති.. 7ක් රෝහලේ.!

බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 7 දෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය හා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් අනතුරුව ඊයේ (05) මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අලුත්ගම පාදාගොඩ විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වූ අනෙක් පාසලේ සිසුන්ට මෙම පහරදීම සිදුව ඇති බවට මේ වන විට එම විද්‍යාලයේ ගුරුවරියක් විසින් පොලීසියට පැමිණිල්ලක්ද යොමු කර තිබේ.

සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශනයේදි අනාවරණය වී ඇත්තේ අදාළ පහරදීමට ප්‍රදේශයේ වෙනත් පුද්ගලයින්ද සම්බන්ධ වී ඇති බවටය. 

පොලීසිය පැවසුවේ එක් සිසුවෙකුගේ හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් එම සිසුවා ශල්‍යකර්මයකටද භාජනය කිරීමට නියමිතව ඇති බවය.

සිද්ධිය සම්බන්ධව අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

රෝගීන් 10ක් ඝාතන කළ හෙදියකට තවත් මරණ 100කට චෝදනා.!

රෝගීන් 10ක් ඝාතන කළ හෙදියකට තවත් මරණ 100කට චෝදනා.!

පසුගිය කාලසීමාව තුළ ජාත්‍යන්තර මාධ්‍ය තුළ වඩාත් කතා බහට ලක්වූ බටහිර ජර්මනියේ රෝගීන් දස දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඬුවම් ලැබ සිටින හෙදිය තවත් ඝාතන 100කට සම්බන්ධ විය හැකි බවට තොරතුරු අනාවරණය වී ඇත.

එරට රජය නියෝජනය කරනා නීතිඥවරියක් මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, පවසා ඇත්තේ මෙම සංඛ්‍යාව අනුරූපව ඉහළ යා හැකි සැක සහිත නඩු සංඛ්‍යාවක් සමාලෝචනයට ලක්ව ඇති බවය.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙය මූලික සැකයක් වන බවත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව ඉන් ඇතැම් ප්‍රමාණයක් ඉවත දැමිය හැකි වනු ඇති බවත් ය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී, බටහිර ජර්මනියේ, ආචෙන්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් ඝාතන චෝදනා 10කට සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා 27කට වරදකාරිය කරමින් ඇයට ජීවිතාන්තය දක්වා දඬුවම් නියම කෙරුණි. 

රාත්‍රී සේවා මුරවලදී එම හෙදිය විසින් වෛද්‍යමය සාධාරණීකරණයකින් තොරව බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට අධික මාත්‍රාවක් අවසාදිත සහ වේදනා නාශක ලබාදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ විය. 

හෙදිය විසින් ඖෂධය නැවත නැවත ලබාදී ඇති බවත්, විත්තිකරු එහි මාරාන්තික ප්‍රතිවිපාක පිළිබඳව දැන සිට ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් විත්තිකාරිය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ, රෝගීන්ට නිදා ගැනීමට උපකාර කිරීමට තමා අදහස් කළ බවත්, ඔවුන්ගේ ශරීරයේ පවතින අභ්‍යන්තර රෝගාබාධ හේතුවෙන් ඖෂධ මාරාන්තික අවදානමක් ඇති කරන බව විශ්වාස නොකළ බවත්ය.

ස්වීඩන් කතගේ රහසඟ ස්කෑන් කළ විකිරණවේදියෙකුට එරෙහිව පොලිස් පරීක්ෂණ.!

ස්වීඩන් කතගේ රහසඟ ස්කෑන් කළ විකිරණවේදියෙකුට එරෙහිව පොලිස් පරීක්ෂණ.!

32 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවකගේ අනුදැනුමකින් තොරව ඇයගේ ශරීරයේ රහස්‍ය ස්ථාන ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ බව කියන ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක විකිරණවේදියෙකුට එරෙහිව ගාල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

අදාළ කාන්තාව විසින් ඉලඇට ආශ්‍රිතව හටගත් වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා අදාළ පෞද්ගලික රෝහල වෙත ගොස් ඇති අතර, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් රුධිර පරීක්ෂාවක් සහ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් ඇතුළු වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නිර්දේශ කර ඇත.

වෛද්‍ය නිර්දේශය මත අදාළ කාන්තාව ස්කෑන් පරීක්ෂණය සඳහා යොමු වූ අවස්ථාවේදී එම පරීක්ෂණය සිදු කළ රජයේ සේවයෙන් විශ්‍රාම ගිය විකිරණවේදී වෛද්‍යවරයා විසින් ඇයගේ අවසරයකින් තොරව ඇයගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කරමින් එම ස්ථාන ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඇති බවත්, ඊට අදාළ කිසිදු වාර්තාවක් තමා වෙත ලබා නොදුන් බවත් ඇය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන් වේ.

අදාළ කාන්තාව විසින් සිදු කළ පැමිණිල්ලට අනුව ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති රංජන් කොඩිතුවක්කු සහ පොලිස් පරීක්ෂක ප්‍රෂාන් සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

සජබ වැලිගම හිටපු නගරාධිපති සහ ආසන සංවිධායක පක්ෂයෙන් ඉල්ලා අස් වෙයි.!

සජබ වැලිගම හිටපු නගරාධිපති සහ ආසන සංවිධායක පක්ෂයෙන් ඉල්ලා අස් වෙයි.!

පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මඟ පෙන්වීම සමඟ නොගැලපෙන බව පවසමින් සමගි ජන බලවේගයේ වැලිගම හිටපු නගරාධිපති, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමු කළ බවයි.

සිය ලිපියෙන් ඔහු තවදුරටත් මෙලෙස පවසා තිබුණා.

 “නායකතුමනි,

පක්ෂයේ වර්තමාන දිශානතිය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳව හුදු පාක්ෂික දේශපාලනික දෘෂ්ටියකින් ඔබ්බට ගොස් ගැඹුරු ස්වයං විවේචනයක යෙදීමේදී, මාගේ හෘද සාක්ෂිය සහ පක්ෂයේ ගමන් මග අතර දැඩි දෘෂ්ටිමය විෂමතාවක් නිර්මාණය වී ඇති බව තේරුම් ගතිමි.

රාජ්‍ය නායකත්වයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ පවතින අර්බුද හමුවේ, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය හුදු අර්ථශූන්‍ය ප්‍රහසනයක් බවට පත්ව ඇති මොහොතක, එකී ව්‍යුහාත්මක සීමාවත් අතික්‍රමණය කොට වඩාත් පුළුල් වූත්, අපක්ෂපාතී වූත් ජාතික මෙහෙවරකට අවතීර්ණ වීම කාලීන ධර්මතාවයක් ලෙස මම දකිමි.

මාගේ පක්ෂය කෙරෙහි පවත්නා බැඳීම අභිබවා යන මාගේ දේශය කෙරෙහි ඇති වගකීම පෙරදැරි කරගෙන, ස්වාධීන දේශපාලන මාවතක් තෝරා ගැනීමේ අභියෝගාත්මක තීරණයට එළැඹීමට මම අදහස් කළෙමි.

මෙය ස්වාර්ථසාධක දේශපාලන පියවරක් නොව, මාතෘභූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දීර්ඝ කාලික අභියෝග ජයගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා ගනු ලැබූ තීරණයක් බව අවධාරණය කරනු කැමැත්තෙමි.

එනයින්, අද දින සිට බල පැවැත්වෙන පරිදි සමඟි ජන බලවේගයෙන් ඉල්ලා අස්වෙන බව මෙයින් දන්වා සිටිමි.

මෙතෙක් මා හට ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වන අතර, මෙම තීරණය මාගේ සේවය වඩාත් අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන්, නිදහස් මනසකින් යුතුව ගත් තීරණයක් බව දන්වා සිටිනු කැමැත්තෙමි.”

මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් ස්වාධීන මන්ත්‍රීවරියක් සපා කාලා.!

මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් ස්වාධීන මන්ත්‍රීවරියක් සපා කාලා.!

මාලිමා මන්ත්‍රීවරයෙක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදමින් සිටි ස්වාධීන මන්ත්‍රීවරියකගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

“සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා. ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා.

මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එලෙස අත හපා කා තියෙනවා. ඒ ගැන වීඩියෝ පවා තියෙනවා. අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ”

ආපදාව අස්සේ ව්‍යාපාරිකයෙක් කොල්ල කෑ පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට.!

ආපදාව අස්සේ ව්‍යාපාරිකයෙක් කොල්ල කෑ පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට.!

මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ඊයේ (3) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.

ගමට යාමට බස් රථයක් නොමැති වීම හේතුවෙන් කඩුවෙල නගරයේ ලැගුම්හලක කාමරයක නවාතැන් ගෙන සිටි ව්‍යාපාරිකයෙකුට පහරදී මුදල් සහ රන් මුදුවක් කොල්ලකෑමේ සිදුවීමකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලැගුම්හලේ කළමනාකරු සහ සේවකයෙකු වන බවද පොලිසිය පවසයි.

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා තම දරුවා බැලීමසඳහා බියගම ප්‍රදේශයට පැමිණ නිවසට යාම සඳහා කඩුවෙල නගරයට පැමිණ බස් රථයක් නොමැති වීම හේතුවෙන් රාජ්‍ය බැංකුවක් අසල පිහිටි ලැගුම් හල වෙත ගොස් කාමරයක් කුලයට ලබාගෙන නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී සැකකරුවන් සිව් දෙනා ලැඟුම් හලේ හිමිකරු සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර කොස්තාපල් දෙදෙනා ව්‍යාපාරිකයා රැඳී සිටි කාමරයේ දොරට තට්ටු කර බලහත්කාරයෙන් දොර විවෘත කරවාගෙන ඔහුව පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇතැයි ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන්ය.

තමන් පැළඳ සිටි රන්මුදුවක් හා මුදල් පසුම්බියේ තිබූ රුපියල් 48000 ක මුදලක් දකොල්ලකා පහරදුන් බවත් දැඩි ආයාසයෙන් එම ස්ථානයෙන් පලා විත් යාබද ආපනශාලාවකට දිව ගොස් දිවි බේරා ගත් බවත් පැමිණිලිකාර ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

මොරගහකන්ද පාලම කැඩී ඇති පුවත සාවද්‍යයි.!

මොරගහකන්ද පාලම කැඩී ඇති පුවත සාවද්‍යයි.!

පසුගියදා ඇතිවූ දරුණු ආපදා තත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන ඇල මාර්ගය වන අඹන් ගඟ මතින් ඉදිකර ඇති පාලම කැඩී ගිය බව බොහෝ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ අතර එම පුවත සාවද්‍ය බව දැනගන්නට ඇත.

එහිදී සිදුව ඇත්තේ අධික ජල පීඩනය හේතුවෙන් පාලමට එහා වූ ඉවුරු කොටස මාර්ගයත් සමඟ කැඩී යාමකි.

පහත චන්ද්‍රිකා ඡායාරූපයේ රතු පැහැති රව්මෙන් දක්වා ඇති ප්‍රදේශය එලෙස මහා මාර්ගයද සමග විනාශ වී තිබේ.

ප්‍රධාන පිට වානේන් නිකුත් කළ අධික ජල දහරාව ගංගාවේ එම ස්ථානයේ ඇති වංගුවක් සහිත කොටසේ ගැටී එම ප්‍රදේශයම ගලවාගෙන ගොස් තිබේ.

කෙසේවෙතත් පාලමට හානියක් සිදුව නොමැති බැවින් මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරනය කිරීමටද හැකියාව ලැබෙනු ඇත.

ඇස් අන්ධ වූයේ කෙහෙළියගේ බෙහෙතින් නොවේ.. සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියකින් දන්වලා.!

ඇස් අන්ධ වූයේ කෙහෙළියගේ බෙහෙතින් නොවේ.. සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියකින් දන්වලා.!

මේ වනවිට ඇප මත නිදහස්ව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීම නිසා දිවියන පුරා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයකට සදාකාලික හා තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ බවට සෞඛ්‍ය අංශ මගින් අනාවරණය වී ඇති පසුභිමක ඇස් පෙනීම අහිමිව සිටිනා ගම්පහ ප්‍රදේශයේ රෝගියෙක් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමුකළ ලිපියක් පිළිබඳ සමාජය තුල කතාබහක් ඇතිව තිබේ.

අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව 13/11/2025 දිනැතිව යොමුකර ඇති එම ලිපියෙන් ගම්පහ ප්‍රදේශයේ පදිංචි ලෙනින් නිරෝෂන් මහතා වෙත දන්වා ඇත්තේ ඉහත සඳහන් අක්ෂි දියරය භාවිතා කිරීම ඔහුගේ දෘෂ්ටිආබාධයට හේතුවක් නොවන බවයි.

මේ සම්බන්ධව අදාළ රෝගියා හා ඔහුගේ ඥාතීන් දැඩි ලෙස විමතියට පත්වන අතර කොළඹ ජාතික අක්‍ෂි රෝහලේදී අදාළ ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව තමාගේ ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ බවට වෛද්‍ය වාර්තා ඇති බවත් ඉන් අනතුරුව තම පුද්ගලික වියදමින් ඉන්දියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙවැනි ලිපියක් නිකුත් වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවද ඥාතීහු පවසති. 

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා  සඳහන් කළේ මෙම අක්ෂ දියරය ගෙනෙන ලද සමාගමට එරෙහිව මේ දක්වා අධිකරණය හමුවේ නිත්‍යානුකූලව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී නැති බවයි.

මේ බව අවසාන වරට නිකුත් වූ විගණන  වාර්තාවෙන්ද තහවුරු වී ඇති අතර මෙම සමාගමට එරෙහිව අධිකරණය කටයුතු ක්‍රියාත්මක කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන මැලිකම ප්‍රශ්න සහගත බවද සඳහන් කළේය.

වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඇස් ආබාධ තත්ත්වයට පත් වූ අනෙකුත් රෝගීන් වෙනුවෙන් තමන් අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත් ඇස් ආබාධ තත්ත්වයට පත් රෝගීන් 17 දෙනෙකුට පමණක් වර්තමාන රජය වන්දි ප්‍රධානය කර ඇති අතර ඉතිරි රෝගීන් දිගින් දිගටම තමන්ට අසාධාරණයක් සිදුවූ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.