“මෙයා මට ගැහුවා.. එයයි අපිට මුලින්ම බැන්නේ..” පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් වෙලා.. කතානායකට පැමිණිල.!

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමින් සජබ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසූයේ තමා කිසිවෙකුට පහර දුන්නේ නැති බවයි.

සුජිත් සංජය පෙරේරා :-

“මම එතුමාට පහර දුන්නැයි මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා.එහෙම කිසි දෙයක් සිදුවෙලා නෑ.මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එතුමා මට තර්ජනය කළා.”

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-

යාපනයේ ස්වාධීන මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයට ඇවිත් බොහොම අශෝභන ලෙස හැසිරුණා.

“ඔහු නොගැළපෙන වචන, කුණුහරුප කිව්වා.ඒ ගැන අපි කතානායකතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා.සමහරු උගත් උනාට බුද්ධිමත් නෑ.මේ ගැලපෙන්නෙ නැති මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි කරන්න එපා.වෙන තැනක වාඩි කරවන්න.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.